23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමියගිය ස්වාමියා වෙනුවෙන් හඬා වැළපුණු වඳුරා

මියගිය ස්වාමියා වෙනුවෙන් හඬා වැළපුණු වඳුරා

මඩකලපුව තාලංකුඩා ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට ආහාර දුන් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව ඔහුගේ දේහය මත නැඟ හඬා වැළපෙමින් ගෞරවය පුද කරන වඳුරෙක් සම්බන්ධ අපූරු සිද්ධියක් වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ තාලංගුඩාහි පදිංචි පීතාම්බරම් රාජාන් නම් 52 හැවිරිදි දෙදරු පියෙකි. මොහු එම ප්‍රදේශයේ නිතර ගැවසෙන වඳුරෙකුට බිස්කට් හා ආහාර ලබා දීම පුරුද්දක් වශයෙන් කර ඇති අතර සෑම දිනකම එම වඳුරා තම නිවසට පැමිණෙන විට බිස්කට් හා ආහාර ලබා දෙන අතරම එම නිවෙස් හිමියාගේ ආබාධිත දරුවා සමන්න්ඝ වඳුරා මිත්‍රකමින් කටයුතු කර තිබේ.

පසුගිය සඳුදා රාත්‍රියේ හදිසි රෝගාබාධයක් නිසා ජීවිතක්ෂයට පත් වූ මෙම පුද්ගලයා දැක තිබේ. මෙම වඳුරා නිසල දේහය අසළට ගොස් ස්වාමියා හුස්ම ගන්නා දැයි බෙල්ලෙන් කමිසයෙන් අල්ලා පරීක්ෂා කර බෝහෝ උත්සාහ දරා ඇත.

නමුත් ඔහු ඇඳෙන් නොනැගිටීම නිසා වඳුරා කඳුළු සලමින් ඔහුගේ කකුල අතගා ඔහුට වැඳ ඔහු අසළින් වාඩි විය. එහිදී අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමට පැමිණි ඥාතීන් වඳුරාගේ ක්‍රියාව බලා හඬා වැලපුණ අතර අසල සිට වඳුරා එහා මෙහා වන අයුරු දැකීමෙන් සියල්ලෝම මවිත වූහ.

අනෙක් අතට මළ සිරුර මිහිදන් කිරීම සඳහා සොහොන් පිටියට ගෙන යන විට වඳුරා කෑමට කෘතගුණ සැලකීමට දානපතියා නොමැතිව එහි ගොස් ගෞරව කළේය.

https://fb.watch/gfC4hm81IZ/