― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හැමෝටම තිබෙනවා - සාලිය පීරිස්

රජයට එරෙහි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හැමෝටම තිබෙනවා – සාලිය පීරිස්

අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ නිදහසට සීමා පනවන්නේ නම් එය නීතියට අනුව සිදුකළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) කොළඹදී පැවති උත්සවයකට එක්වෙමිනි.

රටේ සියලුම පුරවැසියන්ට රජයට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ඇති අතර පොලිසියට විරෝධතාකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත හැක්කේ එය කඩකර ප්‍රචණ්ඩත්වයට පත් වුවහොත් පමණක් බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

15.2 වාර්ගික හා ආගමික සමගිය ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම, පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම යනාදියට එරෙහිව උසි ගන්වන අයුරින් ක්‍රියා කරන්නේ නම් ව්‍යවස්ථාමය සීමා පැනවිය හැක.

එහෙත් ව්‍යවස්ථාදායක යෝජනාවල එම වගන්ති පැහැදිලිව සඳහන් කළ යුතු බව සාලිය පීරිස් වැඩිදුරටත් පැවසීය.