මැණික් ව්‍යාපාරිකයකු සමග ඉන්දියාවේදී අඹුසැමියන් ලෙස හැසිරී තම ජංගම දුරකතනයෙන් ඒවා වීඩියෝ කර එම වීඩියෝව ව්‍යාපාරිකයාගේ නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පම් ඉල්ලූ කාන්තාවක් හා පුද්ගලයෙක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක් වන අතර මෙම සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.
බේරුවල පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් විසින් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ව්‍යාපාරිකයා ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවේ ගොස් සිටියදී සැකකාර කාන්තාව හමුව ඇති අතර දෙදෙනා අතර යාලුකම දුරදිග ගොස් ඔවුන් ඉන්දියාවේ හෝටලයක රැය පහන් කර තිබේ.
එහිදී මොවුන් ලිංගිකව හැසිරෙන ආකාරය කාන්තාව විසින් ඇයගේ ජංගම දුරකතනයේ හොර රහසේ පටිගත කර තිබේ. මොවුන් දෙදෙනා ඉකුත් 14 වැනිදා ලංකාවට පැමිණ ඇති අතර කාන්තාව විසින් ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් ගෙන ඔහු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන ආකාරය සිය ජංගම දුරකතනයේ පටිගතව ඇති බවත් තමන්ට රුපියල් ලක්ෂ හැත්තෑවක් නොදුනහොත් ඔහුගේ බිරිඳට එම වීඩියෝව පෙන්වන බව පවසා ඇය තර්ජනය කර තිබේ.
ඇයගේ ප්‍රකාශයෙන් බියට පත් වූ ව්‍යාපාරිකයා ඇයගේ ගිණුමට රුපියල් ලක්ෂ දහයක් බැර කර ඇතත් ඇය දින කිහිපයකට පසු නැවතත් දුරකතනයෙන් ඔහු අමතා ඉතිරි ලක්ෂ 60 වහාම ලබා නොදුනහොත් වීඩියෝව බිරිඳට පෙන්වන බවට තර්ජනය කොට තිබේ.
දෙවැනි වර මුදල් ඉල්ලා කරදර කළ විට මෙම ව්‍යාපාරිකයා ඒ සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර ඇත.
ඉතිරි මුදල් ලබා ගැනීමට කළුතර නගරයට එන්නැයි කියා සැකකාර කාන්තාවට දන්වා ඇය අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ක්‍රියා කළේය.