27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅද සහ හෙට වැසි තත්වයේ වැඩිවීමක්

අද සහ හෙට වැසි තත්වයේ වැඩිවීමක්

අද සහ හෙට වැසි තත්වයේ සුළු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මිලමීටර 100 ක පමණ තද වැසි ඇති වීමේ හැකියාව පවතියි. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල  සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ම්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝ මීටර 45 ක පමණ තද සුළං ඇති  විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. 

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60 දක්වා වැඩි වේ.

පුත්තලම සිට ‍කොළඹ හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශවල ද සු‍ළගේ වේගය පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.