27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයවැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන්න

අයවැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවන්න

අයවැයට පෙර රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවීමට නියෝගයක් නිකුත් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අද (20) පාර්ලිමේන්තුවේදී පැවති විවාදය අතරතුරදීය.

පසුගිය කාලයේදී රාජ්‍ය ආයතන රැසක් වසර ගණනාවක් තිස්සේ ගිණුම් සහ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් එමනිසා ලබන වසරේ අයවැය සම්මත වීමට ප්‍රථමයෙන් මෙම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පාර්ලිමේන්තුවට කැඳවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ එම ඉල්ලීමට තමන් එකඟ වන බවයි.