28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 13ක් මෙරටට

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 13ක් මෙරටට

මෙරට ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක මුදලක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික මූල්‍ය ආයතන 08ක් සඳහා එම මුදල් යොමුකර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට රුපියල් මිලියන 10ක උපරිම මුදලකට යටත්ව ණය ලබා ගැනීමේ හැකියාව පවතී.