25.6 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන සැපයූ ආයතනවලට අපි ඩොලර් මිලියන 751ක් ණයයි - කංචන විජේසේකර

ඉන්ධන සැපයූ ආයතනවලට අපි ඩොලර් මිලියන 751ක් ණයයි – කංචන විජේසේකර

ශ්‍රී ලංකාව දැනටමත් සිදු කර ඇති මිලදී ගැනීම් සඳහා විදේශීය ඉන්ධන සැපයුම්කරුවන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 751ක් ණය වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව Vitol, PetroChina, Coral Energy, BB Energy, Swiss Singapore, Litasco සහ OQ Trading යන සමාගම්වලින් ණයට ඉන්ධන මිලදී ගෙන පසුව ගෙවීම් සිදුකරනු ලබයි.

මෙම සමාගම්වලට අමතරව රාජ්‍ය බැංකුවලට ඇමරිකානු ඩොලර් බිලියන 2.0ක් පමණ ණය වී තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ සිට ලැබුණු ඩොලර් මිලියන 700ක ණය පහසුකම පියවීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 252ක් මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.