27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋපාධිය අතරමග නැවතීමෙන් රජයට කෝටි 93ක පාඩුවක්

උපාධිය අතරමග නැවතීමෙන් රජයට කෝටි 93ක පාඩුවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 189ක් පශ්චාත් උපාධිය හැදෑරීම අතරමග නතර කිරීම නිසා රජයට රුපියල් කෝටි අනූතුනක පාඩුවක් සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ 2010 වසරේ සිට මේ දක්වා ආචාර්යවරුන් 2457 දෙනෙක් ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා තෝරා ගෙන ඇති බවත් ඉන් පිරිසක් මෙලෙස උපාධි හැදෑරීම අතරමඟ නවතා ඇති බවත්ය.

ආචාර්යවරුන්ට පශ්චාත් උපාධි හැදෑරීම සඳහා රුපියල් කෝටි එක්දහස් එකසියයකට අධික මුදලක් වෙන් කර තිබේ.