29 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොවිඩ් ඉටුකම අරමුදල වැසෙයි

කොවිඩ් ඉටුකම අරමුදල වැසෙයි

‘ඉටුකම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

‘කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල’ නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බව කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරන පවසයි.

එම අරමුදල පිහිටවූ දා සිට මේ දක්වා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක් ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රුපියල් 2,207,164,785.58) බැර වී ඇති අතර ඔක්තෝබර් 18 වැනිදා වන විට අරමුදලේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය ජනාධිපති අරමුදලට බැර කර තිබේ.