― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalතිළිණි ප්‍රියමාලිට ඇප දෙන්න කියලා මං කෝල් කළේ නැහැ - නාමල් රාජපක්ෂ

තිළිණි ප්‍රියමාලිට ඇප දෙන්න කියලා මං කෝල් කළේ නැහැ – නාමල් රාජපක්ෂ

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසුවේ තිළිණි ප්‍රියමාලි නැමැති සැකකාරියගේ මුදල් ගනුදෙනුවලට තමා හෝ තම පවුලේ කිසිවකුත් සම්බන්ධයක් නැති බවයි.

තමා එම සැකකාරිය සහ තවත් පුද්ගලයකු මුදා හැරීමට දුරකතන ඇමතුමක් දී බලපෑම් කළ බවට සමගි ජන බලවේගය පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැතිසබයේදී ප්‍රකාශයක් කළ බවත් තමා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු සඳහන් කළා. තමා එම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නැති හෙයින් පොලිසියට යෑමේ අවශ්‍යතාවක් නැතැයි මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා වරප්‍රසාද කමිටුවට පැමිණිලි කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා ඉසුරු බණ්ඩාර ඊයේ (19) යළි අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදි තිළිණි ප්‍රියමාලි සහ ඇගේ සහකරු ඉසුරු බණ්ඩාර නොවැම්බර් 02 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර කළා. කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ දී ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබුණා.