30 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින 69ක් ඇතුළත පාපන්දු සම්මේලනයේ නිලවරණයක්

දින 69ක් ඇතුළත පාපන්දු සම්මේලනයේ නිලවරණයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස ජස්වර් උමාර් සහ පාපන්දු සම්මේලනයේ ලේකම් උපාලි හේවගේ විසින් ඉදිරිපත් කළ නඩුව අද (20) අභියාචනාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

එහිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ දින 69 ක් ඇතුළතදී පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඔක්තොම්බර් 26 වැනිදා අදාළ නඩුව නැවත කැඳවීමට අධිකරණය තීරණය කරනු ලැබූ අතර එදිනට පාපන්දු සම්මේලනයේ නිලවරණය පවත්වන දිනය නිශ්චිත ලෙස දන්වන්නැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ.