24 C
Colombo
Thursday, April 3, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරටේ ආර්ථිකය විනාශ කළ සුපර් මෑන් දැන් රජයේ නිල නිවසක විශ්‍රාම ගන්නවා

රටේ ආර්ථිකය විනාශ කළ සුපර් මෑන් දැන් රජයේ නිල නිවසක විශ්‍රාම ගන්නවා

රට බංකොලොත් කළ පුද්ගලයා හරි නම් මේ වනවිට සිටිය යුත්තේ රජයේ නිල නිවාසයක නොව පන්සලක බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

රට බංකොලොත් කළ අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැති බවත් අවුරුද්දකට ඇමෙරිකා ඩොලර් බිලියන 12ක් අවශ්‍ය නමුත් මූල්‍ය අරමුදලෙන් ලබාදෙන්නේ බිලියන 2.9ක් පමණක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල එහිදී ප්‍රකාශ කළේය.

‘සුපර් මෑන්’ ගොවි ජනතාවත්, රටේ ආර්ථිකයත් විනාශ කර පැන ගොස් දැන් රජයේ නිවසක විශ්‍රාම සුවයෙන් පැන්ෂන් එකත් අරගෙන සිටින බවත් අවඥාවෙන් මෙන් කිරිඇල්ල මහතා පැවසීය.

දැන් 22 සංශෝධනය ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට හෝ මානව හිමිකම්වලට ආදරේ නිසා නොව ජාත්‍යන්තර සහය හා ආධාර ලබා ගැනීම සඳහා බවත් කිරිඇල්ල එහිදී අවධාරණය කළේය.