― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට ගොඩගන්න ඕනෑම සහයක් රජයට සහය දෙනවා - සජිත් ප්‍රේමදාස

රට ගොඩගන්න ඕනෑම සහයක් රජයට සහය දෙනවා – සජිත් ප්‍රේමදාස

රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනය බවත් රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමට රජයට අවශ්‍ය ඕනෑම මොහොතකම තනතුරු තාන්න මාන්නවලින් තොරව සහය ලබාදීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මම මේ අවස්ථාවේදී ප්‍රකාශයක් කරනවා. ඒ වගේම අභියෝගයකුත් කරනවා. ඉන්නවා නම් මේ රටේ දේශපාලඥයෙකුට, ඉන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාස එක්ක හරි හරියට විපක්ෂයේ ඉදගෙන වැඩක් කරන්න. බහුතරයකට බෑ. අතිමහත් බහුතරයක් කරන්නේ ඇන්දවීම. මේ රටට අවශ්‍ය කයිවාරුව නෙමෙයි. මේ රටට අවශ්‍ය සේවයයි. බොහෝදෙනෙක් මගෙන් අහනවා කොහෙන්ද මේවට සල්ලි. රට බංකොළොත් වෙලත් ඒ ප්‍රශ්නේ අහනවා. මම පෙරළා අහන්නේ, කොහෙන් වුණත් මොකද ? වැඩේ කෙරෙනවා නම්. අද අපේ රටට පොහොර ගේන්න උත්සාහ කරනවා. ලෝක බැංකුව කියනවා සල්ලි දෙන්නම් කියලා. හැබැයි අපේ රටේ ටෙන්ඩර් ක්‍රමවේදයට දෙන්න බෑ කියනවා. ඒ අයට අවිශ්වාසයි අපේ රටට ලබාදෙන ආධාර හරියාකාරව ක්‍රියාත්මක නොවෙයි කියලා. ඇත්ත වශයෙන්ම කතා කළොත් මේ බංකොළොත් වෙච්ච රටේ මිනිස්සු කන්න බොන්න නැතිව ඉන්න වෙලාවේ, අම්මලා දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන මොහොතක ගල්අඟුරුවලින්, ගෑස්වලින් හැම එකෙන්ම ගසා කනවා. මට ජනාධිපතිකම නැති වෙන්න පුළුවන්. මැති ඇමතිකම් නැති වෙන්න පුළුවන්. ඒ ඔක්කෝටම වඩා මට තියෙනවා ආත්ම ගරුත්වය. මම හොරුත් එක්ක වාඩිවෙලා නෑ.”