27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුබසාධනයට නව ප්‍රතිපත්තියක්

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුබසාධනයට නව ප්‍රතිපත්තියක්

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ලිමේන්තු ළමා සංගමයේ අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තු ළමා සංගමයේ සභාපති රෝහිණී කුමාරි කවිරත්නගේ ප්‍රධානත්වයෙන් එම සංගමය රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙරට දරුවන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් සංගමයට ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග විමසා ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ ඊට සම්බන්ධ අනෙකුත් සංවිධාන, පොලිසිය, පොලිස් කාන්තා අංශය, යුනිසෙෆ් යනාදී ආයතන සමඟ ළමා ආරක්ෂාව සම්බන්ධ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීමේ අදහස් පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.