― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ මුහුණ දුන් තෙවන තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (20) හැකියාව ලැබුණා.

ඒ, මෙම තරගයේ දී ප්‍රතිවාදීන් වූ නෙදර්ලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 21ක් තුළ ලකුණු 14ක් රැස් කළා. සුපිරි ඉනිමක් ක්‍රිඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 79ක්

මෙම තරගයේ දී ද පිට පිට කඩුලු 2ක් ලබා ගන්න ට නෙදර්ලන්ත පන්දු යවන ක්‍රීඩක පාවුල් වේන්ට හැකියාව ලැබුණා.

එහිදී චරිත් අසලන්ක ලකුණු 31ක් භානුක රාජපක්ෂ ලකුණු 19ක් , සහ දසුන් ශානක 8 ක්ද ලබාගත්තා.

මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමිව තිබුණා.

මෙම තරගය ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමි වූ අතර, ශ්‍රි ලාංකා කණ්ඩායමේ පන්දු බලඇණිය හමුවේ නෙදර්ලන්ත කණ්ඩායමට සියල්ල දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 146ක් පමණයි.ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16ක ජයක් වාර්තා කළා.

එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.

තරගයේ විරයා කුසල් මෙන්ඩිස්