25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෘජු බදු වැඩි නොකළොත් ආයෙත් පෝලිම් යුගයක් උදාවේවි - ජනපති

සෘජු බදු වැඩි නොකළොත් ආයෙත් පෝලිම් යුගයක් උදාවේවි – ජනපති

සෘජු බදු වැඩි නොකළහොත් සහ රටේ ආදායම වැඩි නොකළහොත් නැවත පෝලිම්වල රැඳී සිටීමට සිදුවන යුගයක් උදාවිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය අතරතුරදීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදු කර නිසි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බවත් ජනාදිපතිවරයා එහිදී සඳහන් කළේය.

රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට නොහැකි බවත් රට බේරා ගැනීමට නම් දැඩි තීරණ ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් සහභාගී වූ අතර එම අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සහ ණය ලබාදුන් පෞද්ගලික ආයතන කිහිපයක් සමඟද සාකච්ඡාවක් පැවැත්විණි.

එහි මූලික අරමුණ ජපානය, චීනය සහ ඉන්දියාව යන ප්‍රධාන ණය දෙන්නන් තිදෙනා සමඟ පොදු ස්ථානයකදී රැස්වී සහන සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමයි.

මෙම හමුවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව පොදු වේදිකාවක අවශ්‍යතාවය පෙන්වා දී ඇති අතර ඉන්දියාව සහ චීනය ඒ සම්බන්ධයෙන් සොයා බලා ප්‍රතිචාරයක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.