26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය 183ක් යළි මෙරටට

හොර පාරෙන් ඕස්ට්‍රේලියා ගිය 183ක් යළි මෙරටට

නීතිවිරෝධී අයුරින් මුහුදු මාර්ගය ඔස්සේ ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික සරණාගතයින් 183 දෙනෙක් යළි මෙරටට හරවා යැවීමට පියවර ගත් බව ඔස්ට්‍රේලියානු සමුද්‍රීය දේශසීමා ආරක්ෂක අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අදාළ යාත්‍රා දින 21ක පමණ කාලයක් ගත කරන බවත් එලෙස පැමිණෙන යාත්‍රා ඉතා දුර්වල තත්ත්වයේ ඒවා බවත් ඔස්ට්‍රේලියානු සමුද්‍රීය දේශසීමා ආරක්ෂක අංශයේ රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් අවධාරණය කරයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රා වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එලෙස පැමිණෙන සියලුම සරණාගතයින් යළි සිය රට වෙත හරවා යැවීමට පියවර ගන්නා බව ඔහු අවධාරණය කරයි.