23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical22ට පක්ෂව ශ්‍රීලනිපය සහය දෙනවා - මෛත්‍රීපාල සිරිසේන

22ට පක්ෂව ශ්‍රීලනිපය සහය දෙනවා – මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනි.

22ට පක්ෂව ඡන්දය ලබාදීමේ තීන්දුව රජය ශක්තිමත් කිරීමක් නොවන බවත් ජනතාවගේ පැත්තේ සිට ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බවත් මෛත්‍රීපාල සිරිසේන එහිදී ප්‍රකාශ කළේය.

එංගලන්ත පාර්ලිමේන්තුව ලිඛිත ව්‍යවස්ථාවක් නොමැතිව අවුරුදු සිය ගණනක් රට පාලනය කරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි දෙවතාවක් සංශෝධනය වී ඇති අතර එයින් වැඩි හරියක් සංශෝධන සිදු වූයේ ජනතාවගේ ඕනෑ එපාකම් සඳහා නොවන බවයි.