― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅර්බුදයෙන් ගොඩ ඒමට නම් දැඩි තීරණ ගත යුතුයි

අර්බුදයෙන් ගොඩ ඒමට නම් දැඩි තීරණ ගත යුතුයි

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර අපට වෙනත් විකල්පයක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය උද්ධමනකාරී වාතාවරණයෙන් මිදීම සඳහා ගත් දැඩි තීරණ කිහිපයක් බව පැවසූ මහබැංකු අධිපතිවරයා කියා සිටියේ වත්මන් බදු ප්‍රතිපත්තිය අවම වශයෙන් වසරක කාලයක් ක්‍රියාත්මක කළහොත් ලබන වසරේ සිට බලාපොරොත්තු වන අයුරින් ආර්ථිකය ස්ථාවර වන බවයි.

එමෙන්ම අප සිතනවාට වඩා බදු ආදායම ඉහළ යන බවත් වැඩි ආදායම් ලබන අයට වැඩි දායකත්වයක් ලබාදීම තුළින් අඩු ආදායම් ලබන අයට සහනයක් ලැබෙන බවත් මහබැංහු අධිපතිවරයා පැවසීය.