23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෙවන්න ඩොලර් නැතුව බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ

ගෙවන්න ඩොලර් නැතුව බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ

මෙරටට පැමිණි බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාව දින ‍40කට අධික කාලයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නෞකාව මිලදී ගැණීමට අවශ්‍ය ඩොලර් අප සතුව නොමැතිවීම හේතුවෙන් එම නෞකාව මෙලෙස නැංගුරම් ලා තිබේ.

මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවද වසා දමා ඇත්තේ ඊට අවශ්‍ය බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.

කෙසේවෙතත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ දිවයිනට ළඟාවූ ඩිසල් ‍නෞකාව සඳහා ඊයේ (20) මුදල් ගෙවූ බවයි.

එහි ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,400ක් ගොඩබෑම අද (21) ආරම්භ කිරීමට නියමිතය.