28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් බවුසරයකට ජලය මිශ්‍ර වීම ගැන විමර්ශනයක්

තෙල් බවුසරයකට ජලය මිශ්‍ර වීම ගැන විමර්ශනයක්

ඉකුත් 19 වැනිදා කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ඉන්ධන රැගෙන ගිය බවුසරයකට ජලය මිශ්‍ර වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

මෙම සිද්ධියට අදාළ බවුසරයට ඉන්ධන පිරවීමට කටයුතු කළ කොළොන්නාව නිමාවේ පිහිටි ප්‍රධාන ටැංකියට අදාළ ඉන්ධන තොග නෞකාවලින් ලබා ගැනීමේදී අනුමත ක්‍රමවේද අනුව කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබේ.

නෞකාවලින් ප්‍රධාන ටැංකිවලට ඉන්ධන ලබා ගැනීමේදී ජලය යම් ප්‍රමාණයක් එකී ටැංකි තුළට රැස්වන අතර එම ජලය නිසි ක්‍රමවේදවලට අනුකූලව ඉවත් කිරීමට කටයුතු කරනු ලැබේ.

ඉන්පසු එම ඉන්ධන නියැදි රසායනාගාර පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව ඒවා නියමිත ප්‍රමිතියට අනුකූල බව තහවුරු වුවහොත් පමණක් පාරිභෝගිකයාට නිකුත් කරනු ලැබේ.