23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රියමාලිගේ තවත් කෙරුම් රැසක් CIDයෙදී එළියට

ප්‍රියමාලිගේ තවත් කෙරුම් රැසක් CIDයෙදී එළියට

මෙරට ප්‍රකට කෝටිපතියන් රැසක් අල්ලේ නටවමින් බිලියන ගණන් මුදල් වංචා කළැයි යන චෝදනාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ පසුවන තිළිණි ප්‍රියමාලි ගැන තවත් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

එමෙන්ම අද (21) ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ තිළිණි ප්‍රියමාලි ඉතා සමීපව ඇසුරු කළ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, කලාකරුවන්, පොලිස් ලොක්කන් ඇතුළු සමාජයේ වැදගත් යැයි සඳහන් පුද්ගලයන් රැසක් සමඟ ඇය හුදෙකලාව අනඟ රැඟුම් පෑ හැටි ගැන බොහෝ තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඔස්සේ හෙළි වෙමින් ඇතැයි පොලිස් මූලස්ථානය පැවසූ බවයි.

හිතා ගන්නවත් බැරි පුද්ගලයෝ ගැන හොඳ හොඳ දේවල් CID එක මතු කර ගනිමිනුයි ඉන්නේ” යැයි උසස් පොලිස් නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් එම ජාතික පුවත්පත කළ විමසුමකදී සඳහන් කර තිබේ.

ඇගේ ජංගම දුරකතනය ඇතුළු පරිගණක උපාංග විශ්ලේෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇය මේ දේවල් පටිගත කරගෙන තබාගෙන ඇත්තේ ඇයට ඒ අයගෙන් උදවු වුවමනා අවස්ථාවලදී බ්ලැක්මේල් කර ඇයට අවශ්‍ය දේවල් කර ගැනීමට බවයි.