29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිස් ලොක්කන් 14කගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

පොලිස් ලොක්කන් 14කගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

පසුගිය මැයි 09 වැනිදා සිදුවූ කලහකාරී සිදුවීම් පාලනය කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ස්ථාන මාරුවීම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙක් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.

ඔවුන් සිය පෙත්සම් මගින් පෙන්වා දී ඇත්තේ තෝරාගත් පිරිසකට පමණක් මාරුවීම් ලබාදී ඇති බවත්, මාරුවීම් සිදුකර ඇත්තේ දේශපාලන අවශ්‍යතාවන් පදනම් කරගනිමින් බවත්ය.

පසුගිය මැයි 09 වැනිදා දිවයින පුරා මහත් මහජන කලබල ඇති වූ අතර කලහකාරී සිද්ධීන්ද කිහිපයක්ම වාර්තා විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා පසුගිය මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථානාධිපතිවරුන් 23 දෙනෙක් මාරු කර යැවීමට කටයුතු කළේය. ඒ කලහකාරී සිදුවීම් වැළැක්වීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින්.

පොලිස්පතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස් විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුලු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ඔවුන් මෙම පෙත්සම් ගොනු කර තිබේ.