28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිරිඳට අයුතු යෝජනාවක් කළ පුද්ගලයා නොඑන ගමන් යැවූ තරුණයාගේ පාපොච්චාරණය

බිරිඳට අයුතු යෝජනාවක් කළ පුද්ගලයා නොඑන ගමන් යැවූ තරුණයාගේ පාපොච්චාරණය

තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී ඊයේ (20) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ කිරිබත්ගොඩ, පාදිලියාතුඩුව ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකරු ඒ සඳහා යොදාගත් කඩුවක්ද සමඟ කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳට අයුතු යෝජනාවක් කිරීම සම්බන්ධයෙන් උරණ වී දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකළ බවටයි සැකකරු පොලිසිය හමුවේ පපොච්ච්රණය කර ඇත්තේ.

වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසු දේහය පවුලේ සාමාජිකයින් වෙත භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.