26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිස් ටුවරිසම් 2022ට ලොව සුරූපිනියෝ 80ක් ශ්‍රී ලංකාවට

මිස් ටුවරිසම් 2022ට ලොව සුරූපිනියෝ 80ක් ශ්‍රී ලංකාවට

ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මෙම සුරූපිනියන් සමග මිස් ටුවරිසම් 2022 ගෝලීය සංදර්ශනය මෙහි පැවැත්වෙනු ඇත.

මෙම සංදර්ශනය පැවැත්වීමේ ලංසුව ද ශ්‍රී ලංකාව දිනාගෙන තිබේ. මෙම සුරූපිනියන් සති 2 ක කාලයක් මෙරට රැඳී සිටින අතර ඔවුන් මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, හබරණ, ඇල්ල, ආරුගම්බේ, මිරිස්ස ඇතුළු සංචාරක ව්‍යාපාරය සඳහා වැදගත් ස්ථාන ද නරඹනු ඇති බව එම වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ මලිත් රණසිංහ සහ ප්‍රධාන උපදේශක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්වරු පවසති.

මෙම මිස් ටුවරිසම් වර්ල්ඩ් අවසන් මහ තරගය දෙසැම්බර් 8 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙයි. රට පිළිබඳ ලෝකයේ ප්‍රශංසාව හා සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය තකා මෙම වැඩපිළිවෙළ සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියගේ අදහසක් පරිදි ඇගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකය.