― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරටම කැලඹූ හමර් රථ සිද්ධියේ විමර්ශන CIDයට

රටම කැලඹූ හමර් රථ සිද්ධියේ විමර්ශන CIDයට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කෙරුණු හමර් වර්ගයේ රථයක් රාජ සන්තක කිරීමෙන් අනතුරුව පැවැති වෙන්දේසියකදී එය ආනයනය කළ පුද්ගලයාටම ලබා දීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඊට අදාළ ලිඛිත ඉල්ලීම මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ උපදෙස් මත අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අද (21) පොලිස්පතිවරයා වෙත යොමු කළේය.

ඒ අනුව පොලිපතිවරයාගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මීට පෙර වාර්තාවක් කැඳවා තිබූ අතර එම වාර්තාවේ නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.

අදාළ රථය ඉකුත් වසරේ පෙබරවාරි මස 22 වැනිදා මෙරටට නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති අතර පසුව එය රාජ සන්තක කිරීමෙන් පසුව පැවති ප්‍රසිද්ධ වෙන්දේසියේදී අදාළ රථයේ ආනයනකරු විසින්ම එය මිල දී ගෙන ඇත.