― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරාජපක්ෂ පවුල් පාලනය ඉවත් කිරීමට පොහොට්ටුවෙන් මෙහෙයුමක්! - මහින්දානන්ද අලුත්ගමගේ

රාජපක්ෂ පවුල් පාලනය ඉවත් කිරීමට පොහොට්ටුවෙන් මෙහෙයුමක්! – මහින්දානන්ද අලුත්ගමගේ

රාජපක්ෂ පවුලට ප්‍රමුඛස්ථානයක් නොදෙනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ජනතාව බලාපොරොත්තු වූ බවත් ගෝඨාභය රාජපක්ෂ එයට කැමැත්තක් නොදැක්වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ රාජපක්ෂවරුන්ගේ පවුල් පාලනය ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳ විශාල කතාබහක් මේවන පවතින බවයි.

මේ සාකච්ඡාවලට බැසිල් රාජපක්ෂත් ආවා. එතුමත් මේ තීරණවලට එකඟයි. එහෙම නැතුව බෑ. මෙහෙම දෙයක් නොකළොත් මේ පක්ෂයෙ ඉතිරි ටිකත් කැඩිලා යයි. මෙච්චර දෙයක් වෙලත් පක්ෂය තේරුම් ගන්නේ නැත්නම් තව තවත් පක්ෂය කැඩිලා යයි. මට තේරෙන හැටියට නම් මම නම් මේ මතය වෙනුවෙන් පක්ෂය තුළ ලොකු සටනක් කරනවා. නාවලපිටිය මගේ රැස්වීම මම කරන්නේ අපේ ක්‍රියාකාරීන් ගෙන්වල කතා හතරක් අහන්න සලස්වනවා. බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, කංචන විජේසේකර තමයි කතා කරන්නේ. එක්කෙනෙක් කතා කරනවා රටේ ආර්ථිකය ගැන. ඊළඟ එක්කෙනා රටේ මන්ද පෝෂණය ආහාර හිඟයක් ඇතිවෙයිද කියලා කතා කරනවා. කංචන ඉන්ධන අර්බුදය ගැන කතා කරනවා. අපි අලුත් විදියකට යන්න ඕනෑ. අපි තේරුම් ගන්න ඕනෑ අපි අලුත් විදියකට යා යුතුයි කියලා. පරණ විදියට ගියොත් අපට ජීවිතේට ආණ්ඩු හදන්න වෙන්නේ නෑ. ඒ නිසා පක්ෂයේ තරුණ අයට තනතුරු දෙන්න ඕනැ. අලුත් මුහුණවරක් ගන්න ඕනෑ. මේ සිද්ධිවලින් පස්සෙ මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු කණ්ඩායම බැසිල් රාජපක්ෂ ඇතුළු හැමෝම අපි හමු වුණා. එතැනදි අපි කතා කරපු දේ තමයි මම ඔය කිව්වෙ. බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒක පිළිගත්තා. රමේෂ් පතිරණ, කංචන විජේසේකර වගේ තරුණ අයට අපි පක්ෂයේ තැන දෙන්න ඕනෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා හොඳයි. තරුණයි. ඒ වගේම අනිත් අයටත් අපි තැන දෙන්න ඕනෑ. පක්ෂයට නව මුහුණුවරක් දීලා අලුත් වැඩපිළිවෙළකින් අපි ඉදිරියට යන්න ඕනෑ.