27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන 25 වැනිදා ගල් අඟුරු නැවක් දිවයිනට

ලබන 25 වැනිදා ගල් අඟුරු නැවක් දිවයිනට

ගල් අඟුරු රැගත් නෞකාවක් ලබන 25 වැනිදා දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.

මීට පෙර ගිවිසුම්ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන අතර ඒ අනුව බාධාවකින් තොරව නොරෝච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීමට හැකි බව එහි සාමාන්‍යධිකාරි නාමල් හේවගේ ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් මේ වනවිට නොරෝච්චෝලේ බාලගාරය ක්‍රියාත්මක කිරිමට ගල් අඟුරු සංචිත පවතින්නේ ලබන 30 වැනිදා දක්වා පමණි. පෙර ගිවිසුම්ගත සමාගමෙන් දෙසැම්බර් මාසය දක්වා තවත් ගල් අඟුරු නෞකා 4ක් ආනයනයට සැලසුම් කර තිබේ.

ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ‍ටෙන්ඩරයක් මේ වනවිට කැඳවා ඇති අතර එහි කාලය ලබන 25 වැනිදායින් අවසන් වීමට නියමිතය.‍