22 වැනි සංශෝධනයට සහය දැක්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
අනතුරුව ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මොන අඩුපාඩු තිබුණත් ඇත්තටම මේ පනත නිවැරදි දිශාවේ පියවරක්. ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පවතින තත්ත්වය තවදුරටත් උග්රවීමට හේතු විය හැකියි.“