― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsළමුන් 100කට දිවි අහිමි කළ සිරප් වර්ග මෙරට භාවිතයේ නැහැ

ළමුන් 100කට දිවි අහිමි කළ සිරප් වර්ග මෙරට භාවිතයේ නැහැ

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩු දුන් ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමුන් 100කට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

පසුගිය සතියේ කැස්ස සඳහා භාවිත කරන සිරප් වර්ගයක් හේතුවෙන් ගැම්බියාවේ ළමයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර පසුව ඉන්දුනීසියාවේද සිරප් සහ ඖෂධ දියර වර්ග හේතුවෙන් ළමුන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේවෙතත් පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන අවධාරණය කළේ ඖෂධ ලියාපදිංචියේදී ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරන දැඩි නියාමනය හමුවේ ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ පමණක් මෙරටට ආනයනය කිරීමට අවසර හිමිවන බවයි.

මෙම සිරප් හා ඖෂධ දියර සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් සිදුකරන ලද පරීක්ෂණවලදී එක් සිරප් වර්ගයක වකුගඩුවලට හානිකරන රසායනිකයක් අඩංගු බව අනාවරණය වී තිබේ.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ අදාළ ඖෂධය ලබාගත් ළමයින් 200 දෙනෙකු පමණ පරීක්ෂාවට ලක් කිරීමෙනි. එහිදී අනාවරණය වී ඇත්තේ ඔවුන්ට වකුගඩු ආබාධ ඇති බවයි.