28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද ඇතුළු රැසක් 22ට ඡන්දය නොදී කට්ටි පනියි

මහින්ද ඇතුළු රැසක් 22ට ඡන්දය නොදී කට්ටි පනියි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත දෙවනවර කියවීමක්වැඩි ඡන්දයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 179ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 01ක්.

අද දිනයේදී ආර් සම්බන්ධන්, අබ්දූල් හලීම්, අංගජන් රාමචන්ද්‍රන්, වඩිවේල් සුරේශ්, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, වේලුකුමාර්, මහාචාර්ය ජී. එල්. පීරිස්, තිස්ස විතාරණ, උපුල් ගලප්පත්ති, ශාන් විජයලාල්, තවරාසා, එම්. ඒ. සුමන්තිරන්, ‍රාසමානික්‍යම්, නොහාර්තලිංගම්, ගජේන්ද්‍රන් හා ජී. ජී. පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැත.

එමෙන්ම අද දිනයේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, අනුරාධ ජයරත්න, සීතා අරඹෙපොල, රෝහිත අබේගුණවර්ධන, ධම්මික පෙරේරා, එස්. එම්. එම්. මුෂාරෆ්, ප්‍රදීප් උඳුගොඩ, නිපුණ රණවක, විමලවීර දිසානායක, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත වීරසිංහ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම්. චන්ද්‍රසේන, ජොන්සන් ප්‍රනාන්දු, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මහින්ද රාජපක්ෂ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න යන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු නොපැමිණියේය.