27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews22 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

22 දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (21) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ, අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීම ද අද (21) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඊයේ (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේ සිය පක්ෂයද 22 වන සංශෝධනයට සහාය ලබා දෙන බවයි.