31 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅල්ලස් ගැනීමෙන් මුල් පුටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට

අල්ලස් ගැනීමෙන් මුල් පුටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට

අල්ලස් ගැනීම් වැඩිපුරම සිදුවන ආයතන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් තැනට පැමිණ ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කර තිබේ.

එම ලැයිස්තුවට අනුව මීළඟට වැඩිපුරම අල්ලස ගන්නා ආයතන අතරට පොලිසිය, අධ්‍යාපන ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව තිබේ.

මෙලෙස බහුල වශයෙන් අල්ලස් ගන්නේ ජනතාව වැඩිපුර ගැටෙන ආයතනවල බවත් බලපත්‍ර නිකුත් කිරීම් වැනි කටයුතු නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස් ගැනීම් වැඩිවීමට ප්‍රධාන හේතුව වී තිබෙන බව දැක්විය හැකිය.

බොහෝමයක් පුද්ගලයන් රස්තියාදු වීම වළක්වා ගැනීම සඳහා කුමන හෝ අල්ලස් මුදලක් ලබාදී සිය වැඩ කටයුතු කර ගැනීමට උත්සාහ දරන ප්‍රවණතාවද දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන අතර මෙලෙස අල්ලස් ආයතනවල අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉතා අල්ප වීම පුදුමයට කරුණකි.