28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික වතු කම්කරු සංගමයේ සභාපති ධුරය සාගලට

ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ධුරය සාගලට

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේදී මෙම තිරණය ගෙන ඇත.

ජාතික වතු කම්කරු සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද එම කළමනාකරණ මණ්ඩල හමුවට සහභාගී වී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

ඔහුගේ එම තීරණය දැනුම් දීමත් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට එහිදී තීරණය වී තිබේ.

ඒ අනුව හරීන් ප්‍රනාන්දු ලබන සතියේදී එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සාගල රත්නායක මෙම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතව ඇත.