― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩොනල්ඩ් ට්‍රම්ප්ට සිතාසි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිතාසි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරට කොංග්‍රස් මණ්ඩලය විසින් සිතාසි නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පසුගිය වසරේ සිදු වූ කැපිටල් හිල් කැරැල්ලට අදාළව සිදුවන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා දෙන්නැයි දන්වමිනි.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සිතාසිය අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ඔහුට අපරාධ චෝදනා එල්ල විය හැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම සිතාසියේ දක්වා ඇත්තේ “ඕනෑම අමෙරිකානු ජනාධිපතිවරයෙකු විසින් මැතිවරණයක් පෙරලා දැමීමේ පළමු හා එකම උත්සාහයේ කේන්ද්‍රස්ථානය වූයේ ඔබයි” යයනුවෙනි.

හිටපු ජනාධිපතිවරයා මෙම පරීක්ෂණය පෙන්වා දී ඇත්තේ ලබන මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයත් සමග ඩිමොක්‍රටික් පාලනයෙන් පීඩාවට පත් ඡන්දදායකයින්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට සැලසුම් කරන ලද උපක්‍රමයක් ලෙසයි.