25 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට - කපිතාන්වරයෙක් ජීවිතක්ෂයට

යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට – කපිතාන්වරයෙක් ජීවිතක්ෂයට

යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් ගසක ගැටී අද (21) අලුයම සිදු වූ අනතුරකින් හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ පොළොන්නරුව, කන්දකාඩු, මුතුවැල්ල හන්දියේ දී රථය මෙලෙස අනතුර ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ විශේෂ බලකායේ නිලධාරියෙක් වන අතර, තුවල ලැබූවන් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ත්‍රිකුණාමලය මංකි බිච් 04 වන විශේෂ බලකාය කඳවුරේ සිට මාදුරුඔය විශේෂ බලකා කඳවුර වෙත ගමන් කරමින් සිටිය දී ඩිෆෙන්ඩර් රථය පාරෙන් ඉවතට පැන අසල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.