31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2023දී සංචාරකයන් 850000ක ඉලක්කයක්

2023දී සංචාරකයන් 850000ක ඉලක්කයක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් 2023 අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

2023 වසර වන විට සංචාරකයන් අටලක්ෂ පනස්දහසක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එම සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් පුළුල් කිරීම තුළින් ඉදිරියේදී මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ නංවා ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.