― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනවක වධය කියන්නේ මානසික රෝගයක් - නිමල් සිරිපාල ද සිල්වා

නවක වධය කියන්නේ මානසික රෝගයක් – නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරියේදී නවක වධයට එරෙහිව දැඩි තීන්දු තීරණ ගන්නා බවත් නවක වදය යනු මානසික රෝගයක් බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

විශ්වවිද්‍යාලයට යන්න කැමැත්තක් දක්වන්නේ නෑ සමහරු නවක වධය නිසා. මම 1960 ඉදන්ම නවක වධයට එරෙහිව සටන් කළා. අපේ රජය තුළ පාර්ලිමේන්තුව තුළත් මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කළා. මේ දරුවන් අධෛර්මයත් කරන නවක වධය කියන්නේ මානසික රෝගයක්. ඒ මානසික රෝගීන් ටික අල්ලලා අපි මානසික රෝහලකට යවන්න ඕනේ. ඒ වගේම නවක වධය ගැන මීට වඩා දැඩි පියවර ගන්න ඕනේ. මම සතුටු වෙනවා දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට ඇවිත් මේ ගැන කතා කරනවා. ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුත් බයයි. දේශපාලනඥයිනුත් බයයි.