28.9 C
Colombo
Wednesday, August 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ 10කට මන්ත්‍රී පුටු අහිමි වෙයි?

පාර්ලිමේන්තුවේ 10කට මන්ත්‍රී පුටු අහිමි වෙයි?

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය දරණ කිසිවෙකුටවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමේ අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඒ, අනුව මෙම නව නීතියත් සමඟ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දස දෙනකුගේ පමණ මන්ත්‍රී ධුරයන් අහෝසි වීම අවස්ථාව පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම රජයේ ඉහළ තනතුරු දරණ ඇතැම් ද්විත්ව පුරවැසියන්ට ද මෙය තීරණයක් ගැනීම සඳහා අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ ජොලියට වැඩ කරන පුද්ගලයන් දැන් තීරණයක් ගතයුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.