29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෙම එපා කියූ නිසා තරුණියට අමුතු සංග්‍රහයක් දුන් තරුණයා

පෙම එපා කියූ නිසා තරුණියට අමුතු සංග්‍රහයක් දුන් තරුණයා

තරුණයෙකු විසින් පිහියකින් යකඩ පොල්ලකින් පහර දී තරුණියකට සහ ඇයගේ පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට බරපතළ තුවාල සිදුකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගුන්තූර් ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ තරුණයා එම තරුණියට ප්‍රේම කරන බවට ඇයගේ පවුලේ සාමාජිකයින්ට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් විසින් තරුණයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඊට කෝපයට පත්ව අදාළ තරුණයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

තරුණයාගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් 11 දෙනා ප්‍රතිකාර සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ප්‍රහාරයේ බරපතළ තත්ත්වයේ පසුවූ තරුණිය සහ තවත් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුන්තූර් මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.