තමා බ්‍රිතාන්‍ය කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මෙම අවස්ථාවේ තමන් කන්සර්වටිව් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත්වීම සුදුසු නොවන බවයි.
එමෙන්ම මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍යයට අවශ්‍ය මහ මැතිවරණයක් නොව තම රටවැසියන් මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීම බව හෙතෙම සඳහන් කර තිබේ.