26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාර්තු 20ට පෙර පළාත් පාලන මැතිවරණයක්

මාර්තු 20ට පෙර පළාත් පාලන මැතිවරණයක්

මීළඟ පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්පුංචිහේවා පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ මාතලේ දිස්ත්‍රික් වැඩමුළුව අමතමිනි.

මැතිවරණ තේරීම් කාරක සභාව වෙත ඉදිරිපත්ව තිබෙන ප්‍රධාන යෝජනා දෙක වන ප්‍රචාරක වියදම් ක්‍රමවේදය සහ තරුණ නියෝජිත ක්‍රමවේදය සම්මත වුවහොත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි බව සභාපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.