26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලු මිල අඩුවෙයි

මාලු මිල අඩුවෙයි

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ උද්දමනය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සඳහන් කරනවා. මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම සහ මාදැල් ධීවර අස්වැන්න සරුවීම ඊට හේතුවී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පෙන්වා දෙයි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ඊයේ (23) දින මාළු මිල ගණන් පහත පරිදි දැක්වේ.

බලයා කිලෝවක තොග මිල රුපියල් 650 – 700 , තලපත් සහ කෙලවල්ලා කිලෝවක තොග මිල රුපියල් 1,300 , කොප්පරා මසුන් කිලෝවක තොග මිල රුපියල් 2,000 , හුරුල්ලන් කිලෝවක තොග මිල රුපියල් 550-600 , මිලකට ලින්නා කිලෝවක තොග මිල රුපියල් රුපියල් 800 , කුම්බලාවන් කිලෝවක තොග මිල රුපියල් 750 , ලොකු දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 1,300 , මධ්‍ය පරිමාණයේ දැල්ලන් කිලෝවක තොග මිල රුපියල් 900 , ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,500-1,800.