29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාල කැලේ සතුන්ට හිරිහැර කළ පිරිසට වැඩ වරදියි

යාල කැලේ සතුන්ට හිරිහැර කළ පිරිසට වැඩ වරදියි

වන සතුන්ට හිංසාවන පරිදි යාල වනෝද්‍යානය තුළ කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට
වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ අදාළ පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඒ, අනුව අදාළ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් සහ වාහන අංක ඇතුළු සියලු තොරතුරු වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පුද්ගලයින් පිරිසක් වාහනවලින් ගොස් යාල වනෝද්‍යානයේදී වන සතුන්ට හිරිහැරවන අයුරින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සැරිසැරුවා.