28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිගම හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ ෆේස්බුක් සාදයක් වටලයි

වැලිගම හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ ෆේස්බුක් සාදයක් වටලයි

වැලිගම, පැලෑන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සමඟ තරුණයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිසිය විසින් ඊයේ (23) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මුහුණු පොත හරහා සංවිධානය කර ඇති මෙම සාදයේ දී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් මාතර, ගාල්ල, දෙයියන්දර, කඔුරුපිටිය, කඹුරුගමුව සහ කොටවිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබි කේරළ ගංජා, හෙරොයින්, හෂිස් ආදී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.