28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිටපු ඇමැතිවරු දෙදෙනෙකුගේ වාහන වංචාවක් එළියට

හිටපු ඇමැතිවරු දෙදෙනෙකුගේ වාහන වංචාවක් එළියට

2015 -2019 කාලයේදී හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් හා රාජ්‍ය ඇමැතිවරයෙක් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට හිමි වාහන ගණන ඉක්මවා අමතර වාහන 24ක් භාවිත කර ඇති බව විගණන වාර්තාවක් මඟින් අනාවරණය වී තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා වාහන 16ක් හා රාජ්‍ය අමාත්‍යවරයා වාහන 08ක් වැඩිපුර භාවිත කර ඇති බවයි.

එමෙන්ම කැබිනට් අමාත්‍යවරුන්ට හිමි ඉන්ධන කෝටාව ඉක්මවා මෙම කැබිනට් ඇමැතිවරයා ලක්ෂ 20ක හා රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ 40ක අමතර වාර්ෂික ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇති බවත් එමගින් හෙළිදරවු වී තිබේ.