29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා රෝහලේ දරුවන්ගේ ජීවිත අවධානමක

ළමා රෝහලේ දරුවන්ගේ ජීවිත අවධානමක

දැඩි ඖෂධ හිඟයකින් පෙළෙන රිජ්වේ ආර්යා ළමා රෝහලට සමාගම් රැසකින් ඖෂධ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

ඒ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම සමාගම්වලට ලබාදිය යුතු රුපියල් කෝටි 20කට ආසන්න හිඟ මුදලක් මේ තාක් ලබා නොදීම හෙතුවෙනි.

මේ හේතුවෙන් එම හිඟ මුදල් ලබාදෙන තුරු නැවත ඖෂධ ලබා නොදීමට එම සමාගම් පියවර ගෙන තිබේ.

අවශ්‍යතා අනුව මිල දී ගැනීම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් බලධාරින්ට අවසර දී ඇති නමුත් මහා භාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදෙන්නේ නම් එම තීන්දුවෙහි කිසිදු අර්ථයක් නැති බව එහි ප්‍රකාශකයෙක් එම පුවත්පතට පවසා ඇති බව එහි දක්වෙන්නේ.

ඉදිරියේදී ළමා රෝහලේ මෙම තත්ත්වය උග්‍ර වීමේ වැඩි ඉඩකඩක් පවතී.

පසුගිය 14 වැනිදා චීන රජය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලට රුපියල් ලක්ෂ විස්සක් වටිනා ඖෂධ තොගයක් ලබා දුන් අතර විවිධ පෞද්ගලික සංවිධාන හා පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත යැපීමට රිජ්වේ ළමා රෝහලට සිදුව තිබේ.