28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical22 සම්මත කිරීමෙන් අපි මොල හතාණෝගේ දත් ගැලෙව්වා - විපක්ෂ නායක

22 සම්මත කිරීමෙන් අපි මොල හතාණෝගේ දත් ගැලෙව්වා – විපක්ෂ නායක

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් මොළ හතාණෝගේ දත් ගලවා දැමීමට හැකි වූ බවත් පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජන බලයෙන් ඉවත්කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එමෙන්ම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ රාජපක්ෂලා නිසා නොව සමඟි ජන බලවේගය නිසා බව ජනාධිපතිවරයා දැනගත යුතු වන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණෙන බව බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානමින් පසුවන බවටත් දැනගන්නට ඇති බවයි.

හැකි නම් කොළඹින් ජන්දයට ඉදිරිපත් වන ලෙස තමන් බැසිල්ට අභියෝග කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.