30 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් - රෝගීන්ගේ ජීවිතත් අවදානමේ

අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් – රෝගීන්ගේ ජීවිතත් අවදානමේ

දිවයිනේ බොහෝ රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක උග්‍ර හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙරට සමස්ත රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීමේ අවධානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

රෝහල් ගණනාවකම ගෝස්, පුළුන් වැනි සුළු ද්‍රව්‍ය පවා නොමැති අතර කොළඹ අවට දිසා රෝහල් ගණනාවක පැරසිටමෝල්, සේලයින්, පිරිටන් වැනි අත්‍යාවශ්‍ය ඖෂධ පවා නොමැති බව අරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

කෙසේ වෙතත් වෛද්‍යවරයා කියා සිටියේ රෝහල් වැසී යාමට තරම් මෙම ඖෂධ හිඟය උග්‍ර නොවන බවයි.