26.1 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"ආර්ථික අර්බුදයට එකම විසඳුම මහ එවුන්ගේ රට තියෙන ඩොලර් ගෙන ඒමයි"

“ආර්ථික අර්බුදයට එකම විසඳුම මහ එවුන්ගේ රට තියෙන ඩොලර් ගෙන ඒමයි”

මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට නම් විදේශ රටවල පවතින ශ්‍රී ලංකාවට අයත් ඩොලර් නැවත මෙරටට රැගෙන ආ යුතු බවත් එසේ කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ගේ මහ එවුන් සතුව අදාළ හිමිකම් පැවතීම නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයෙ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවර අයවැයෙහි ‘හාම්පුතා’ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවයි.

එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් රට තුළ ක්‍රියාත්මක කෙරෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමට පාලකයන් යොමුව සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.